අක්මාවට හානි වීම (සිරෝසිස්-cirrhosis)

සිරෝසිස් තත්ත්වය

ඔබට සිරෝසීස් තත්ත්වය පළමුවෙන්ම ඇති වූ විට කිසිදු රෝග ලක්ෂණයක් ඇති නොවනු ඇත. මූලික අවධි වලදී හානි වීම නොතකා අක්මාවට සාමාන්‍ය ලෙස ක්‍රියා කල හැකිය. අක්මාවට බරපතළ ලෙස හානි සිදුවූ පසු ඔබට කැපී පෙනෙන රෝග ලක්ෂණ ඇති වනු ඇත. ප්‍රධාන රෝග ලක්ෂණ ලෙස:

  • වෙහෙසකාරී බව සහ දුර්වල ගතිය
  • ඔක්කාරය ඇතිවීම
  • ආහාර රුචිය අඩුවීම නිසා ශරීර ස්කන්ධය අඩු වීම
  • ලිංගික බෙලහීනතාවය

තත්ත්වය ඉදිරියට යාමේ දී තවදුරටත් ඔබට:

  • සම සහ ඇසේ සුදු ඉංගිරියාව කහ පැහැති වීම(ජෝන්ඩිස්)
  • උණ සහ වෙව්ලුම් ඇතිවීම
  • වමනය
  • පාචනය
  • සම කසන සුළු වීම
  • උදරයේ වේදනාව, උදරය ඉදිමීම හෝ බඩ පිපීම
  • තද පැහැති තාර වැනි මලපහ පිට වීම
  • රුධිර වහනය වීමේ සහ තැලුම් ඇති වීමේ ප්‍රවණතාවය වැඩිවීම
  • උකුල මට්ටමට ඉහළින් සමේ සිහින් රතු පැහැති රේඛා(සිහින් රුධිර වාහිනී) ඇති වීම
  • තරල එක් රැස් වීම නිසා, කකුල් පතුල් සහ වළලූකර ඉදිමීම (ඉඩීමා). මෙමගින් හුස්ම ගැනීමේ අපහසුතා ඇති විය හැකිය
  • ශරීර ස්කන්ධය පාලනය කිරීමේ අපහසුතාවක් ඇතිවීම
  • පෞරුෂත්ව වෙනස්වීම්, මානසික ව්‍යාකූලතා, අවධානය යොමු කිරීමේ අපහසුතා, මතකය අහිමිවීම හෝ දෘශ්‍ය මායා පෙනීම
  • කාන්තාවන්ගේ, ඔසප් චක්‍රය අක්‍රමවත් වීම
  • පිරිමි අයගේ, පියයුරු විශාලවීම, වෘෂනකෝෂ(වෘෂන දරා සිටින කුඩා සමෙන් සැදුන මල්ල) ඉදිමීම හෝ වෘෂන කුඩා වීම

ඔබට සිරෝසිස් තත්ත්වය ඇතැයි සිතනවා නම් ඔබගේ වෛද්‍යවරයා මුණ ගැසෙන්න.